ගිරි ශිඛරයක කෙළවර යන අර්ථයෙන්ද ගිරි නම් සෙන්පතියාගේ පාලනයට යටත්ව තිබූ බැව් කියන හෙයින්ද වලගම්බා රජු සැඟව සිට පසුව රජමහා විහාරයක් වූ ගිරිබා වේරගල රජමහ විහාරය කේන්ද්‍ර කරගත් වර්ණණීය වූ හෙයින් වන්නිය නම්ල නම් ලද වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මී ඔයෙන් එගොඩ කෝරලයේ ගිරිබාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මධ්‍යස්ථානය ලෙස ගිරිබාව පිහිටා ඇතග අතීතයේ සිටම මෙහි කුඹුරු ගොවිතැනින් මෙන්ම හේන් ගොවිතැනින් දිවිගෙවන ගැමියන් පිරිසක් ජීවත් වූ අතර දරුවන්ගේ නැණස පාදන ගිරිබා විදුමව ආරම්භ වූයේ 1946 - 06 -14 වන දිනයග සිසුන් 48 දෙනෙකුගෙන් ආරම්භවූ පාසලෙහි මුල්ම ශිෂ්‍යයා වූයේ ඩබ්x එම්x මුතුබණ්ඩා ශිෂ්‍යයා යග තාවකාලික පොල්අතු ශාලාවක ආරම්භ කළ මෙම පාසලෙහි බොහෝ පන්ති කාමර ගස් යට පවත්වන ලදී.
නිශ්ච්ත ඇඳුමක් හෝ සපත්තු කුට්ටමක් නැති සිසුන් ඉගනුම ලැබූ අප පාසල එකළ කීර්තිමත් පාසලක් විය ග 1960 දී එවකට මහව මාණ්ඩලික ක‍්‍රිඩා තරගාවලියේදී මී 400 මී 300 මී 1500 යන ඉසව් තුනෙන්ම ජය ලබා ගැනීමට විද්‍යාලයේ ශිෂ්‍යයකු වූ කේ.එම්.එළකිරියා දරුවාට හැකිවිය.එමෙන්ම එම වර්ෂයේ වයඹ පළාත් ක‍්‍රිඩා තරගාවලියේදී මී 1500 ඉසව්වෙන් ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකිවීම ද විශේෂත්වයකි.1961- 06- 20 පාසලට ගොඩනැගිල්ලක් ලැබුණි.ඒ සමඟම පාසලට ගුරු නිවාසයක් ද ලැබුණ අතර 1961- 10- 31 වැනි දින එම ගොඩනැගිලි විවෘත කරන අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් එස්.ඪබ්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතා සිහි වීම පිණිස ඉදි කළ බුදුු මැදුර ද සමග විවෘත කරන ලද්දේ මහව උප අධ්‍යාපන අධ්‍යක්‍ෂකතුමා විසිණි.
මෙතෙක් ජ්‍යෙෂ්ඨ පාඨශාලාවක් වූ ගිරිබාව විදුහල 1963- 03- 01 දින සිට මහා විද්‍යාලයක් ලෙස උසස් විය.උසස් පාඨශාලා සහතික පත‍්‍ර කලා පන්තියක් හා විශ්වවිද්‍යාල ප‍්‍රවේශ පන්තියක් ආරම්භ කිරීමට 1960- 08- 01 දින සිට අවසර දෙන ලදී.
විද්‍යාලයේ දියුණුවට නිරන්තර අතහිත දුන් විශ‍්‍රාමලත් ගම්මුලාදෑණි ඩබ්.එම්.රම්බණ්ඩා මැතිතුමා පාසලට මෙතෙක් අඩුපාඩුවක්ව පැවති පාසල් ගේට්ටුව ඉදිකර දෙන ලදී.එමෙන්ම ඉතා කුඩා ඉඩමක ඉදිකරතිබූ පාසලට කෝන්ගහයාය ඉඩමෙන් අක් : 7 ක පමණ කොටසක් ලබාදීම අනාගත පරපුර වෙනුවෙන් කළ මහඟු ආයෝජනයකි.
1972-02-14 දිනය විදුහල් ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබු දිනයකි.එයට හේතු වූයේ එදින සාමාන්‍ය පෙළ විද්‍යාගාරය හා කෘෂිකර්ම ඒකකය විවෘත කිරීමත් පුස්තකාලයට මුල්ගල තැබීමත් සිදු වූ නිසාය.1977-03-01 දින 10 ශ්‍රේණිය සඳහා සමාජ අධ්‍යයනය විෂය ඉගැන්වීම ආරම්භ විය.1973-11-04 දින නැවතත් නව ගොඩනැගිල්ලක් විවෘත වූ අතර 1980-01-28 දින පාසල් පුස්තකාලය ද විවෘත විය.එම පුස්තකාලය ඉදිකරන ලද්දේ දෙමාපියන් විසිනි.එමෙන්ම පාසලට විශාල ප‍්‍රමාණයේ ක‍්‍රිඩා පිටියක් ලැබුුණ අතර එය ගිරිබාව කොට්ඨාශයටම මහඟු සම්පතක් විය. 1982-05-05 දින නැවත අඩි 60-20 ගොඩනැගිල්ලක් ලැබුුණ අතර එය ද ඉදිකිරීම ආරම්භ විය.
1948 හෙන්ඩි‍්‍රක් මහතාගේ සිට වර්තමාන විදුහල්පති ඩබ්.ඒම්.ලීලානන්ද මහතා දක්වා විදුහල්පතිවරුන් 29 දෙනකුගේ උත්සාහය මත පාසල වර්තමාන තත්වය දක්වා ඉදිරියට පැමිණ ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1946 - 06 - 14 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
06 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
48 |
|
මුල් ගුරුතුමාගේ නම |
ටී.කේ.හෙන්ද්‍රික් මයා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
පහල ගිරිබාව මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩබ්. එම්. මුතුබණ්ඩා ශිෂ්‍යයා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1946 - 06 -14 |





