පහළ ගිරිබාව මහා විද්‍යාලය

කුරුණෑගල

පහළ ගිරිබාව මහා විද්‍යාලය

නිර්මාතෘවරු

2026 වර්ෂයේ උසස් පෙළ විභාගය

WhatsApp Image 2025-02-11 at 10.17.26.jpeg
WhatsApp Image 2025-02-11 at 10.17.26.jpeg

 

ඩබ්.එම්.රංබන්ඩ මහතා

1946 - 06 -14 වන දිනයග සිසුන් 48 දෙනෙකුගෙන් ආරම්භවූ පාසලෙහි මුල්ම ශිෂ්‍යයා වූයේ ඩබ්.එම්. මුතුබණ්ඩා ශිෂ්‍යයා යග තාවකාලික පොල්අතු ශාලාවක ආරම්භ කළ මෙම පාසලෙහි බොහෝ පන්ති කාමර ගස් යට පවත්වන ලදී.දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර 1961- 06- 20 පාසලට ගොඩනැගිල්ලක් ලැබුණි.ඒ සමඟම පාසලට ගුරු නිවාසයක් ද ලැබුණ අතර 1961- 10- 31 වැනි දින එම ගොඩනැගිලි විවෘත කරන අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් එස්.ඪබ්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතා සිහි වීම පිණිස ඉදි කළ බුදුු මැදුර ද සමග විවෘත කරන ලද්දේ මහව උප අධ්‍යාපන අධ්‍යක්‍ෂකතුමා විසිණි.මෙතෙක් ජ්‍යෙෂ්ඨ පාඨශාලාවක් වූ ගිරිබාව විදුහල 1963- 03- 01 දින සිට මහා විද්‍යාලයක් ලෙස උසස් විය.උසස් පාඨශාලා සහතික පත‍්‍ර කලා පන්තියක් හා විශ්වවිද්‍යාල ප‍්‍රවේශ පන්තියක් ආරම්භ කිරීමට 1960- 08- 01 දින සිට අවසර දෙන ලදී.

විද්‍යාලයේ දියුණුවට නිරන්තර අතහිත දුන් විශ‍්‍රාමලත් ගම්මුලාදෑණි ඩබ්.එම්.රම්බණ්ඩා මැතිතුමා පාසලට මෙතෙක් අඩුපාඩුවක්ව පැවති පාසල් ගේට්ටුව ඉදිකර දෙන ලදී.එමෙන්ම ඉතා කුඩා ඉඩමක ඉදිකරතිබූ පාසලට කෝන්ගහයාය ඉඩමෙන් අක් : 7 ක පමණ කොටසක් ලබාදීම අනාගත පරපුර වෙනුවෙන් කළ මහඟු ආයෝජනයකි.

1948 හෙන්ඩි‍්‍රක් මහතාගේ සිට වර්තමාන විදුහල්පති ඩබ්.ඒම්.ලීලානන්ද මහතා දක්වා විදුහල්පතිවරුන් 29 දෙනකුගේ උත්සාහය මත පාසල වර්තමාන තත්වය දක්වා ඉදිරියට පැමිණ ඇත.