කුරුණෑගල
වයඹ පළාතේ ගිරිබාව ගම්මානයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6 වසරේ සිට 13 වසර දක්වා ක්‍රියාත්මක වේ. මෙම කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
ප්‍රශස්ත අධ්‍යාපනය තුළින් විශිෂ්ට දරුවෙක්
අධ්‍යාපනික පොදු අරමුණු සහ අත්‍යවශ්‍ය නිපුණතා සාක්ෂාත් කරගනිමින් ප්‍රාදේශීය පවත්නා අධ්‍යාපනික, සමාජීය සහ සංස්කෘතික හරයන් ආරක්ෂා කරගනිමින් විෂයානුබද්ධව හා විෂය සමගාමීව ලබා දෙන දැනුම, ආකල්ප, කුසලතා හා උසස් මානව ගුණාංග වලින් හෙබි සාමකාමී, කාර්යක්ෂම ඵලදායි පුරවැසියකු බිහි කිරීමයි.....